(නාලක සංජීව දහනායක)
ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට අයත් වත්තල කෙරවලපිටිය කසළ අංගණයට කසළ භාර නොගැනීම හේතුවෙන් කොළඹ මහනගර සීමාව තුළ සිව්වන දිනයටත් අද (8) විශාල කසළ ප‍්‍රමාණයක් එක්ව තිබෙන ආකාරය දක්නට ලැබුණි.
මේ හේතුවෙන් කොළඹ නගරය පුරාම දැඩි දුඟදක් හමායෑම හේතුවෙන් එදිනෙදා කටයුතු වෙනුවෙන් නගරයට පැමිණෙන ජනතාව මෙන්ම නගරයේ පදිංච් ජනතාවද දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තාවේ.
වත්තල කෙළවරපිටියේ කසළ අංගණයේ ධාරිතාවය ඉක්මයෑම හේතුවෙන් පසුගිය 6 වැනිදා සිට කසළ බාරගැනීම නතර කරනු ලැබීය. ඒ හේතුවෙන් කසළ බැහැර කිරීමට නිෂ්චිත ස්ථානයක් නොමැතිවීම හේතුවෙන් එකතු කරගනු ලබන කසළ කොළඹ නගර සභා සේවකයන් විසින් නගරයේ ප‍්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවලටද බැහැර කරති.
මරදාන ඩීන්ස් පාර, මරදාන එල්ෆිනිස්ටන් රඟහල ඉදිරිපිට බස්නැවතුම්පළ,රූබී සිනමාහල වැනි ස්ථාන කිහිපයක කසළ බැහැරකර තිබෙන ආකාරය දැකගන්නට ලැබුණි.
මේ වනවිට කසළ බැහැර කිරීමේ කටයුතු හෙට (9) සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ මහ නගර සභාවේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)








