
(යොහාන් භාසුර)
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ නරග සීමාව ඇතුළු අවට ප්‍රදේශ රැසකට අනිද්දා (25) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 1 සිට 15 දක්වා, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, අයි.ඩී.එච්., මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට එම කාලයේ ජල සැපයුම අත්හහිටුවයි.

