කොස්තාපල්ට පහර දුන් මන්ත්‍රී පුතා අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ඇමති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුතා අද (01) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි එම කොස්තාපල්වරයා තුවාල ලබා ඇතැයිද, බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහර දී ඇතැයිද පොලිසිය කියයි.
 
සැකකරු 26 හැවිරිදි තැනැත්තෙකු බවද, ඔහු පොල්ලකින් පහරදී ඇතැයිද පොලිසිය වැඩිදුරටත් පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු අද හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.