කොවිෂීල්ඩ් එන්නත් ගැන ජපන් අගමැතිගෙන් සුභවාදී ප්‍රතිචාරයක්


(ඩයනා උදයංගනී)

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබාදෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද පෙරවරුවේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි යැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබාගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළවී ඇත.