කොවිඩ් රෝගීන්ගේ සුළු වැඩිවීමක්


(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් රෝගීන්ගේ සුළු වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

කෙසේ වෙතත් ඉන් රෝහල් ධාරිතාවයට බලපෑමක් නැතැයිද  හෙතෙම සඳහන් කළේය.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයින් 66 දෙනෙකු මෙරටින් මේදක්වා  හඳුනාගෙන ඇති බවත් ඉන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන්  බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

ඩෙල්ටා  ආසාදනයවූ  පුද්ගලයන් 66 දෙනාට අමතරව  අනෙක් පුද්ගලයන්ට ආසාදනයවී ඇත්තේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය බව පැවසූ හෙතෙම සෞඛ්‍ය නීති නිසියාකාරව පිළි නො පැද්දහොත්  කොරෝනා  අවදානම උත්සන්න විය හැකි බවද ගුණවර්ධන මහතා පැවැසීය .

රෝගීන් සඳහා  අවශ්‍ය ඇඳන් ප්‍රමාණය රෝහල්වල තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.