(සුජිත් හේවාජුලිගේ )
කොළඹ දකුණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාද කොවිඩ් රෝග මර්දන පිළිබඳ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්විය.
මේ සම්බන්ධයෙන් අප විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ තමාගෙන් එම කමිටුවට සෙතක්වේ යැයි නොසිතෙන හෙයින් ඉන් ඉල්ලා අස්වූ බවය.
නිර්වින්දන සංගමයේ සභාපතිවරයා ලෙස තමා එම කමිටුවට සම්බන්ධවී වසර එකහමාරක පමණ කාලයක් නොකඩවා එහි කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද කොවිඩ් රෝග මර්දන පිළිබඳ තාක්ෂණික කමිටුවෙන් ඊයේ ඉල්ලා අස්විය.
කමිටුව ගන්නා ඇතැම් තීරණ වලට එකඟ විය නොහැකි හෙයින් තමා ඉන් ඉල්ලා අස්වන බව විජේවික්‍රම මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊ-මේල් පණිවුඩයක් යවමින් දැනුම් දී තිබිණ.

