කොවිඩ් මරණ 51ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 51 දෙනකු ඊයේ (26) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 12,802 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 41 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 10දෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 29 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 22 දෙනෙක් ද වෙති.