කොවිඩ් මරණ 3,300 ඉක්මවයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 45දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,313 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය30 දෙනෙක් සහ කාන්තාවෝ 15 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 36 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන අටදෙනකු සහ වයස අවුරුදු 30ට අඩු එක් අයකු ද වෙති.