කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව මැයි මස පළමු සතියේ


(රංජන් කස්තුරි)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම මැයි මස පළමු සතියේ සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා න්‍යාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්දන ජයසුමන මහතා කීය.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත මෙරට පුද්ගලයින් 925242කට ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කීය.

කොවිෂීල්ඩ් එන්නත ලබා දීම ඉකුත් ජනවාරි මස 29 වන දින ආරම්භ කළ අතර එය ඉකුත් 10 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරිණ.