(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2254 දෙනකු ඊයේ (23) වාර්තාවිය.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,63,496 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ආසාදිතයන් දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලට අයත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මේ අතරින් ආසාදිතයෝ 34,247 දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,612 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,28,607 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

