
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර පතුරවන සමාජ මාධ්‍ය ඇතුළු සංවිධානාත්මක කණ්ඩායම් පිළිබඳව වහාම සොයා බලන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට අද (29) උපදෙස් දුන්නේය.
සමාජ මාධ්‍ය ඇතුළු විවිධ කණ්ඩායම් කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් වැරදි මත පතුරුවමින් සිටින බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු පිරිසක් ජනාධිපතිවරයාට කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ඊයේ කරුණු පෙන්වා දුන්හ.
ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට මෙසේ උපදෙස් දුන්නේ ඉන් අනතුරුවය.
ඇතැම් සමාජ මාධ්‍ය ඇතුළු සංවිධානාත්මක කණ්ඩායම් කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් මේ අයුරින් වැරදි මත පැතිර වීම නිසා සමහර පුද්ගලයන් එන්නත්කරණයට බියවී සිටින බව එම පළාත් අධ්‍යක්ෂවරු මෙහිදී වැඩිදුරටත් පැවසූහ.

