කොල්ලකරුවන්ට වැඩ වරදී


(ඉන්දිකා  රාමනායක )

තලවතුගොඩ ප්‍රදේශයෙ  වෙළඳසැලක් කොල්ලකෑම සඳහා ආයුධ සන්නද්ධව ඇතුලු  වී සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු  බෝම්බයක් සහ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා කොල්ලකෑම් 15කට සම්බන්ධ පුද්ගලයන් බවද පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (13)  පස්වරුවේ යතුරු පැදියකින්  ආයුධ පෙන්වා වෙළඳසැල කොල්ල කෑමට තැත් කළ අවස්ථාවේ දී, සිද්ධිය  සම්බන්ධයෙන් තලංගම  පොලීසියට ලද  තොරතුරකට අනුව පොලිස්  කණ්ඩායමක්  එම ස්ථානයට ගොස් අත්අඩංගුවට ගෙන ඇත

සැකකරුවන් දෙදෙනා සතුව පිස්තෝලයක්, අත් බෝම්බයක්, පොලිසිය භාරයට ගෙන ඇත.