කොලඑළිය කණිෂ්ඨයට අලි ප්‍රහාරයක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පල්ලමඉහල  කොලඑළිය කණීෂ්ඨ  විද්‍යාලය අද( 23)  අලුයම  කඩා වැදුණු වල් අලි රංචුවක් එහි ආරක්ෂිත වැට කඩා වනසා තිබේ. 

මේ වනවිට පල්ලම හා ආඩිගම අවට සැරිසරන වල් අලි රංචු මෙලෙස විදුහල් භුමියට කඩා වැදි ඉදිරිපස ඇති ආරක්ෂීත වැටට පහර දී සම්පුර්ණයෙන් වනසා ඇති බව කියයි.

වල් අලි රංචු ලෙස මෙලෙස කඩා වැදි ගම්මාන වල සැරිසැරිමත් සමඟ ජන ජීවිත මහත් අවුලකට පත්වි ඇති බව ගැමියෝ කියති. වල් අලි කඩා වැදි පොල් ඇතුළු වගා වනසමින් මෙලෙස පාසල් භුමියෙ ආරක්ෂිත වැටද වනසා ඇති බව කියයි.