කොරෝනාවට මුවා වී මුදල් ගැරූ හොර වෙදෙක් කැස්බෑවෙන් අල්ලයි


 (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොරෝනා වයිරසය ආසාධිත රෝගීන්ගේගේ නිවසටම ගොස්අ ධික මුදල් අයකර ප්‍රතිකාර කළ බව කියන හොර වෛද්‍යවරයකු  හා හා ඔහුට සහය දුන්  කහපොල ප්‍රදේශයේ පුද්ගලයකුට අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 

කහපොල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගීන් සිටින නිවාසවලට ගොස් ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් යැයි කියාගන්නා කණ්ඩායමක් සිටින බවට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මියට ප්‍රදේශයේ ජනතාවගෙන් ලද පැමිණිලි කිහිපයක් අනුව මෙම හොර වෛද්‍යවරයා සොයා ගැනීමට හැකි වී තිබූ බව පොලිසිය කියයි

එම පුද්ගලයන් පැමිණි බව වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කර තිබු තිබූ වෑන් රථය හා එහි තිබූ වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධ තොගය ද පොලිස් බාරයට ගෙන ඇත

ප්‍රතිකාර කිරීම සඳහා රුපියල්11,000 - 13,000 අතර මුදලක්  අය කරන බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙයාකාරයෙන් කිහිප අවස්ථාවකම රෝගීන් මුලාකර දහස් ගණනින් මුදල් ලබාගෙන ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් වෛදයවරයා විදේශ රටක වෛද්‍ය උපාධිය ලැබූවෙක් බවට පැවසුවද ඔහු සන්තකේ කිසිදු ලිපි ලේඛනයක්  නොතිබූ බවත් අනෙක් පුද්ගලයා ඇඟලුම් කර්මාන්තශාලාවක හිටපු සේවකයෙක් බව පොලිසිය කියයි