සුමතිපාල දීයගහගේ
කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින නෙලුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා මේ වන විට සභා අරමුදලින් රුපියල් ලක්ෂ පහක් වැය කර ඇතැයි නෙලුව ප්‍රාදේශීය සභාවේ සභාපති එම් අයි ජී සුනිල් මහතා පැවසීය.
මීට අමතරව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ආණ්ඩුකාර අරමුදලින් තවත් රුපියල් ලක්ෂ 10 ක් ලබාදීමට එකගවී ඇතැයිද සුනිල් මහතා සදහන් කළේය.
දැනට සභා අරමුදල් වැය කර නෙලුව නගරය, පොලිසිය, ග්‍රාමීය රෝහල, බස් නැවතුම්පොල සහ වෙනත් පොදු ස්ථාන විෂබීජහරණය කිරීම දින දෙකකට වරක් සිදු කරන බවද ඒ මහතා පැවසීය.
මීට අමතරව ග්‍රාම නිලධාරීන්ගේ නිර්දේශ මත ඉතාමත් දුගී පවුල්වලට, නිදන්ගත රෝගවලින් පෙලෙන පුද්ගලයින්ගේ පවුල්වලට සහ වෙනත් ආබාධිත පුද්ගලයිගේ පවුල්වලට තවලම විවිධ සේවා සමුපකාර සමිතියේද සහාය ඇතිව රුපියල් දහසක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් නොමිලේ ලබාදීමටද පියවර ගෙන තිබේ.
ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් විසින් සූරියවැව ප්‍රදේශයට ගොස් එළවලු මිලදී ගෙනවිත් ඒවා ජනතාවට සහන මිලට ලබාදිමේ වැඩ පිළිවෙලක්ද ආරම්භ කරන බවද සුනිල් මහතා පවසයි.
දැනට ජල හිගයෙන් පීඩා විදින ගම්වාසින්ට ප්‍රාදේශීය සභාවේ බවුසර් යොදවා ජලය බෙදාහැරිමද එම ප්‍රාදේශී සභාව මගින්
සිදු කර ගෙන යනු ලබයි.

