කොරෝනා වැළඳුණු ඉන්දිය තරුණයෙක් කැබිතිගොල්ලෑව රෝහලට


(අතුල බණ්ඩාර)

අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී  කොරෝනා ආසාදිත ඉන්දීය ජාතිකයකු  ප්‍රතිකාර සඳහා  කැබිතිගොල්ලෑව මුලික රෝහලේ  කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ ගැන කළ විමසීමේදී  අනුරාධපුර මහා නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පත්  බණ්ඩාර මහතා  සඳහන් කළේ 27 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා දින අටකට පෙර මෙරටට පැමිණ සංචාරක හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි අයකු බවයි.

කොරෝනා රෝගයට ගොදුරු වූ  තවත් ඉන්දීය ජාතිකයකු කැබිතිගොල්ලෑව මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගෙන් තමන්ට  ඉන්දියා වයිරසය ආසාදනය වනු ඇති බවට එහි ප්‍රතිකාර ලබන සෙසු කොරෝනා රෝගීහු බිය පළ කරති.