කොරෝනා ආසාධිතයන් සඳහා පවතින රෝහල් සයන ප්‍රමාණවත් නොවන බව චීනයේ බලධාරීහු ප්‍රකාශ කරති.
ඔවුන් පැවසුවේ, ආසාධිතයන් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට පවතින සයන ප්‍රමාණය මෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථානවලද හිඟයක් පවතින බවය.

මේ හේතුවෙන් ඔවුහු හෝටල් සහ පාසල්, ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථාන බවට පත්කරමින් සිටිති.
මේ වනවිට රටවල් 20කින් වයිරසයේ ආසාධිතයන් හමුවී ඇත. අලුත උපන් බිලිඳෙක් ද ඒ අතර වෙයි.
කොරෝනා වයිරසය වෙනුවෙන් කෙරෙන කටයුතු වෙනුවෙන් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 675ක ආධාරයක් පොදුවේ ඉල්ලා සිටී. වයිරසය හේතුවෙන් අනතුරුදායක තත්වයේ ඇති රටවල්වලට කෙරෙන පසු ආයෝජනයක් වශයෙන් එය ලබාදෙන ලෙස ඔවුහු දන්වා සිටියහ.

මේ අතර, වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් ඇමරිකාව පමණට වඩා කලබල වී ඒ සම්බන්ධයෙන් ප්‍රචාරය කිරීම පිළිබඳව චීනය අප්‍රසාදය පළ කර තිබේ. චීන සංචාරකයන්ට ඔවුන් සංචාරක තහනමක්ද පනවා තිබිණි.
'බොරුවට කලබලවීම වයිරසයට වඩා භයානකයි' යනුවෙන් චීන විදේශ කටයුතු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
(ඒඑෆ්පී)
16844

