කොරෝනා රෝගියකුට සාර්ථක සැක්කමක්


(රේඛා තරංගනී ෆොන්සේකා)

හෘදයා බාදයකට ලක්වී අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියකු ස්ටෙන්ත් සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සමත් විය.

මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාගෙන් අප විමසා සිටි අතර ඔහු පැවසුවේ එම හෘදයාබාදය කොවිඩ් රෝග තත්වය නිසා ඇති වුවක් බවයි.

වයස අවුරුදු හතලිස් එකක් පමණ වියැති මෙම රෝගියා දෙදරු පියෙකි. පැය දෙකකට ආසන්න කාලයක් මෙම සැත්කම සිදු කළේය.

සැත්කම පිළිඹඳව වැඩි දුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ගෝඪාභය රණසිංහ මහතා මෙසේ පැවසීය.

හෘදයාබාධයට ලක්වූ බව කියන රෝගියා රෝහලට ඇතුලත් කරනවිට අසාධ්‍ය තත්වයෙන් පසු වුණා ඔහු රෝහල් ගත කිරීමේදි කරනු ලැබු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයෙන් රෝගියා කොවිඩ් ආසාධිතයකු බව තහවුරු වුණා.

ඔහුගේ හෘදයේ ප්‍රධාන නාල තුනෙන් වම් කෝෂිකාවට රුධිරය සපයන ප්‍රධානම නාලයේ ආරම්භක ස්ථානයේ විශාල රුධිර කැටියක් නිසා අවහිරවීමක් ඇති බව අප කල මුලික පරික්ෂාවෙදි හෙලි වුණා.

ඒ වන විට රෝගියා පසු වුනේ හදිසි සැත්කමක් කල යුතු තරම් අවධානමක.

එම අවහිර වීම කෙටි කාලයකදී යථා තත්වයට පත් නොකලහොත් ඔහුගේ ජීවිතය අවසන් වන්නට තිබුණා.

ඔහු කොවිඩ් ආසාධිත තත්වයේ පසු වු නිසා සැත්කම කරනවා. නම් යම් අවධානමක් අපට තිබෙනවා. එය එහෙම වුණත් වෛද්‍යවකුගේ වගකීම තමයි රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම ඒ වෙනුවෙන් අප ක්‍රියාත්මක විය යුතුව තිබුනා.

ඇත්තෙන්ම stent දැමීමක් කියන්නේ අපේ කැත්ලැබ්වල අප වැඩි වශයෙන් කරන සැත්කමක් මෙහි විශේෂත්වය වුනේ අප මෙය සිදු කලේ කොවිඩ් රෝගියකුට වීමයි.

සැත්කම සිදුකර රෝගියාගේ ජීවිතය බේරා ගන්න මම තීරණය කළා. එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි මගේ කණ්ඩායම මට හොඳ සහයක් ලබා දුන්නා.

වෙනදා අප අදින ශෛළ්‍යාගාර ඇඳුම වෙනුවට මුලු සිරුරම වැසියන පරිදි අඳින කොවිඩ් ආරක්ෂිත ඇඟලුමකින් සැරසී සියුම් ලෙස සැත්කමෙහි නිරත වීම අපට යම් අභියෝගයක් .

නමුත් අප කොවිඩ් අවධානම මදකට අමතක කර හෘද රෝගියා බේරා ගැණිමේ සැත්කම සාරථකව නිම කලා.

විශේෂයෙන් මෙහිදී සඳහන් කල යුතුයි මෙම හෘදයාබාදය කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇති වුවක් බව පැහැදිළි වු කාරණයක්.

එම රෝගියා කොලෙස්ටරෝල්, දියවැඩියා, අධික රුධිර පීඩනයට ගොදුරුව සිට හෘදයාබාදයකට ලක් වු අයෙක් නොවෙයි. විවිධ කරුණු කාරනා පිළිඹඳව අවධානය යොමු කිරීමේදී හෙළිවන කරුණ නම් එය කොවිඩ් සංකුලතාවයක්.

සැත්කමෙන් පසුව කොවිඩ් රෝගියාගේ හෘදයාබාධය පහව ගොස් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයෙන් ජාතික රෝහලේ කොරෝනා රෝගින්ට ප්‍රතිකාර සලසන්න වෙන් වු විශේෂිත ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මා සමග මෙම සැත්කමට ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍යවරුන් වන වෛද්‍ය රසික සෝවිස්, වෛද්‍ය සජීව් ෂෙල්වචුමාර් සහ වෛද්‍ය විශ්ව ජයසිංහ,හෙද නිලධාරී ප්‍රසාද් පෙරේරා මහතා, හෘද තන්තු රේඛන ශිල්පී නිලන්ත පෙරමුණ, විකිරණ ශිල්පී උපාලි අබේවර්ධන මහතා. ඇතුලු කණ්ඩායමක් මා සමග මේ සැත්කමට සම්බන්ධ වුණා.