(ඩයනා උදයංගනී)
ගත වූ 24 පැයේ කොරේනා ආසාදිත මරණ 26 වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වාර්ත සඳහන් කරයි. ඒ අතර මාස තුනක බිළිඳියක ද සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව වාර්තා වූ මුළු මරණ ගණන 827 දක්වා ඉහළ ගියේය.
මියගිය අය අතර ගාල්ල පදිංචි 66 හැවිරිදි කාන්තාවක, හෙට්ටිපොළ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු,පල්ලේවෙල පදිංචි 72 හැවිරිදි කාන්තාවක, මහනුවර 76 හැවිරිදි පුද්ගලයකු,මතුගම 80 හැවිදිරිද කාන්තාවක,පාදුක්ක 65 හැවිරිදි පුද්ගලයකු, නැබඩ 64 හැවිරිදි පුද්ගලයකු, යාපනය 91 හැවිරිදි කාන්තාවක,යාපනය 88 පුද්ගලයකු, මීගහගොඩ 71 හැවිරිදි පුද්ගලයකු, අකුරැස්ස 45 හැවිරදි කාන්තාවක,මොරොන්තුඩුව 56 පුද්ගලයකු, කළුතර 65 පුද්ගලයකු අනුරාධපුර 94 හැවිරිදි පුද්ගලයකු, කොළඹ හය 86 හැවිරිදි පුද්ගලයකු,කලුඅග්ගල 84 හැවිරිදි කාන්තාවක, මොරටුව 84 හැවිරිදි කාන්තාවක,මල්වාන 66 හැවිරදි පුද්ගලයකු, බොරැල්ල 88 කාන්තාවක, කොළඹ පහළෙව 88 හැවිරිදි පුද්ගලයකු, කදාන 56 හැවිරිදි පුද්ගලයකු, මාස්වේ 58 හැවිරිදි කාන්තාවක, නෑබඩ 96 හැවිරිදි කාන්තාවක, වත්තේගම මාස තුනක බිළිඳියක, සහ මාළඹේ 53 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇත.

