කොරෝනා මරණ 185ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 185 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,689 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 140 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 44 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 102 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 83 දෙනෙක් වෙති