කොරෝනා මඬින්න වැලිවිටිය දිවිතුර ප්‍රා.සභාවෙන් ලක්ෂ 10 ක්


(සුමතිපාල දීයගහගේ)

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කොරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා  රුපියල් ලක්ෂ දහයක මුදලක් වෙන්කර ඇතැයි වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මහතා පැවසීය.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලට වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් බැගින් ලබාදීමට සහ විෂබීජහරණ කටයුතු සඳහා මෙම මුදල් වැය කරන බව ලොකුගේ මහතා කීය.

මීට අමතරව නිවෙස් වලට ගොස් සහන මිලට වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් සහ එළවලු මල්ලක්ද ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ඒ මහතා පැවසීය.

දඹුල්ල සහ නුවරඑළිය ප්‍රදේශවලට ගොස් එළවලු මිලදී ගෙනවිත් සහන මිලට ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන බවද ලොකුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.