කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යෑමත් සමඟ වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් හමුදාව යොදවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය.
මේ අවස්ථාවේදී කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැකි සෑම අයුරකින්ම හමුදාව යොදාගත යුතු බව රුසියානු ජනාධිපතිවරයා කීය.
අමාත්‍යවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී හෙතෙම ඒ බව සඳහන් කළේය.
සඳුදා දිනයේදී පමණක් රුසියාවෙන් ආසාදිතයන් 2,558ක් වාර්තා වූ අතර දිනක් ඇතුළත එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන එය විය.
රුසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 21,102ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 170ක් ලෙස දැක්විණි.
ඒ.එෆ්.පී./බී.බී.සී.
055

