කොරෝනා පාලනය කළා- යුද හමුදාපති


(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරසය පැතිරයාම විශාල වශයෙන් පාලනය වී ඇතැයි කොවිඩ් -19  ව්‍යාප්තිය පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සධක බළකායේ ප්‍රධානි යුද හුමුදාපති  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

යුද හමුදාපතිවරයි ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව කොවිඩ් - 19 පාලනය පිළිබඳව ඇමැති මණ්ඩලයට පැහැදිලි කිරීමක් ද කර ඇත.

කෝවිඩ් -19 වයිරසය පාලනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටින බව මෙහිදි පවසා ඇති යුද හමුදාපතිවරයා කොවිඩි එන්නත් කරන වැඩසටහන ද සර්ථකව ක්‍රියාත්මක වන බව සඳහන් කර ඇත.