කොරෝනා පාලනය කළ හැකි එන්නත ලබන වසර මුලදී


මේ වසර අගදී හෝ ලබන වසර මුලදී නව කොරෝනා වයිරසය පාලනය කළ හැකි එන්නතක් බලාපොරොත්තු විය හැකි බව  ලෝක සෞඛ්‍ය සංවිධානය අද (12) ප්‍රකාශ කළේය. ‘ෆයිනෑන්ෂියල් ටයිම්ස්’ පුවත්පත සංවිධානය කළ ‘ඔන්ලයින් ඇෆ්‍රිකා’ සමුළුවේදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඒ බව කීවේය.

කෙසේ නමුත් නිවැරැදි ක්‍රියාමාර්ග නොගතහොත් වයිරසය දීර්ඝ කාලයක් පවතිනු ඇතැයි ද එම සංවිධානය අවධාරණය කළේය.

‘‘අපේ අතේ තියෙන උපකරණ නිවැරැදිව භාවිත කරන්න ඕනෑ. එවිට අපට මේ වසංගතය අවසන් කරන්න පුළුවන’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.

‘‘අපි අපේ අතේ තියෙන උපකරණ ටික හරියට භාවිත කරන්න අවශ්‍යයි. අපි එසේ කළේ නැත්නම් වයිරසය ගොඩක් කල් අපි ළඟ තියේවි. ඉතා දීර්ඝ කාලයක් වයිරසයක් අපි අතර තියේවි’’ යැයි ද ඔහු කීය.


රොයිටර්

055