(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය වසංගත තත්වයක් ව පවතින මේ කාලයේදී පුද්ගලයකුට හෘදයාබාධායක රෝග ලක්ෂණ මතුවූයේ නම්, අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් මහජනයාට දැනුම් දී තිබේ.
වෛද්‍ය උපදෙස් ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මේ බව කියාසිටී.
විනාඩි 10ක් හෝ 20ක් පවතින පපුවේ කැක්කුම, පපුවේ තද ගතිය, පපුව හිරවෙන ස්වභාවය සහ පපුවේ අපහසුතාව හෘදයාබාධයක ලක්ෂණ බව හඳුනාගත යුතු බව එම කාර්යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එම ලක්ෂණ ඇති වූ පුද්ගලයකු වේ නම්, ඇස්ප්‍රින් පෙත්තක් හපා කෑම මූලික පියවර වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය දැනුම්දෙයි.
වහාම ළඟම ඇති රෝහල වෙත යාම හෝ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා 1990 ඇමතිය යුතුය.
උණ, උගුරේ වේදනාව ඇත්නම් රෝහල තුළදී අදාළ වෛද්‍යවරයා හමුවී ඔහුට ඒ බව පවසන ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය වැඩිදුරටත් පවසයි.


