(සුජිත් හේවාජුලිගේ )
චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක තොගයක් මෙරටට හෙට(10) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා විදේශයකින් එකවර ලැබෙන වැඩිම කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණය මෙය බවද ඔහු සඳහන් කළේය.
මෙම එන්නත් ගෙනඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා දෙකක් චීනයේ බේජිං නුවරට ගොස් ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම එන්නත් තොගය මිලදී ගැනීමට කටයුතු කර ඇත .

