
චීනයේ හුනාන් ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍යවරයා ජනවාරි 25 වැනි දින සිට අඛණ්ඩව රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටීම හේතුවෙන් දැඩි වෙහෙසට ලක්ව හෘදයාබාධයකින් මිය ගොස් ඇතැයි වාර්තා වේ.
මෙම වෛද්‍යවරයා සොන් යින්ජියේ නමැති 27 හැවිරිදි අයෙකු වන අතර කයියුං නගරයේ පදිංචිකරුවෙකි.
ඔහු මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ගේ සහ මගීන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කර කොරෝනා වයිරසය ඇත්දැයි නිරීක්ෂණය කිරීමේ කමිටුවේ ප්‍රධානියා ලෙසද ක්‍රියා කළ බව පැවසේ.
මෙම වෛද්‍යවරයා සඳුදා දිනයේදී ඔහු නවාතැන්ගෙන සිටි කුටියට පැමිණීමෙන් පසු මියගොස් ඇතැයි වාර්තා වේ.
(ඩේලිමේල් ඇසුරිනි)
16844



