කොරෝනා ආසාදිතව ආයුර්වේද රෝහල්වලින් සුවය ලැබූ 2843ක් පිටව යයි


(යොහාන් භාසුර)

‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 3820 ක් පසුගිය මාස දෙක තුළ ආයුර්වේද රෝහල්වලින් ප්‍රතිකාර ලබා ඉන් 2843 ක් කිසිඳු සංකූලතාවක් නොමැතිව පිටව ගොස් ඇති බවත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.

ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලැබූ කිසිඳු ‘කොවිඩ්’ රෝගියකු මරණයට පත්ව නොමැති බවත් සඳහන් කළේය.

පළාත් නවය ආවරණ පරිදි ආයුර්වේද රෝහල් ධාරිතාවෙන් සියයට 48 ක් හෙවත් ඇදන් 1033 ක් ‘කොවිඩ්’ රෝගීන් සඳහා වෙන්කර ඇති බවත් මේ වන විට රෝගීන් 835 දෙනකු ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ආයුර්වේද කොමසාරිස්වරයා කීය.

ප්‍රවෘත්ති දෙපාර්තමේතුවේදී අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා එසේ පැවසීය.