කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යයි


(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

කොරෝනා වයිරසය ආසාදිතය වූ මෙරට මුළු ගණන 15,0000 සීමාව ඉක්ම යද්දී මුළු මරණ සංඛ්‍යාව 1051 දක්වා ඉහළ ගියේය.

අවසන්වරට වාර්තා වූ රෝගීන් 3591ක් සමග මෙරට වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,51,311 අගයක් ගත්තේය. එසේම මෙරට වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉකුත් 24 පැයේ වාර්තා විය එම සංඛ්‍යාව 36කි. විදේශගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 36 දෙනකු ද කොරෝනා ආසාදිත බවට ඊයේ හඳුනා ගෙන තිබුණි.

එමෙන්ම කොවිඩ් ආසාදනය වූ  1,222 දෙනකු ඊයේ දින සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,22,367 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මේ අතරින් ආසාදිතයන් 26,575 දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම ආසාදිතයන් දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලට අයත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

අවසන් වරට වාර්තා වූ සංඛ්‍යාලේඛන අනුව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් සහ වැඩම මරණ සංඛ්‍යාවක් වාර්තා වුයේ ඊයෙ (19) දිනයෙය.