කොරෝනා අස්සේ ඩෙංගුත් හිස ඔසවයි


(යොහාන් භාසුර)

’ඩෙංගු’ වයිරසය යළිත් හිස ඔසවීමේ දැඩි අවදානමක් තිබේ යැයි ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

මෙම මස තුළ ඩෙංගු රෝගීන් 628 ක් හඳුනාගෙන ඇති බවත් ඩෙංගු රෝගය හේතුවෙන් මරණ හතරක් සිදුවී ඇති බවත් වෛද්‍ය අරුණ ජයසේකර මහතා කියයි

වෛද්‍ය අරුණ ජයසේකර මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

‘‘ජූනි සහ ජූලි මාසවලයි වැඩිම ඩෙංගු රෝගීන් හමුවන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ් ඩෙංගු රෝගීන් වැඩි වීමක් වාර්තා වෙනවා. මෙම වර්ෂයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 7535 ක් වාර්තා වෙලා තියෙනවා. මේ මාසයේදී ඩෙංගු රෝගීන් 628 ක් වාර්තා වුණා. මේ මාසයේ කොළඹ දිස්ත‍්‍රික් පමණක් ඩෙංගු රෝගී 200 ක් වාර්තා වෙලා තියෙනවා.

මෙම වසර තුළ මේ දක්වා මරණ 4 ක් වාර්තා වෙලා තියෙනවා. වාර්ෂාවත් සමඟ මේ තත්වය ඩෙංගු ව්‍යප්ත වියහැකි බවට අනතුරු ඇගවීමක් බවට පත්ව තිබෙනවා.