(සුජිත් හේවාජූලිගේ)
කොරෝනා නව වයිරස ප්‍රභේද හඳුනාගැනීමේ පරික්ෂණ දෙවැනි වටය අද (1) ආරම්භ කෙරුණු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් අතුරින් අහඹු ලෙස 96 දෙනකුගෙන් ලබාගත් ජෛව පටල සාම්පල මෙම පරික්ෂණ සඳහා යොදාගත් බව ද ඔහු කියයි.
මේ පරීක්ෂාවල වාර්තා සතියකදී නිකුත් කිරීමට ආචාර්ය චන්දිම ජිවන්දර මහතා බලාපොරොත්තු වෙයි.
නව කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ පරික්ෂණවලදී එවැනි වයිරස ආසාදනය වු විස්සකට ආසන්න පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය දිනවල සොයාගනු ලැබූහ.
නව විකෘති කොරෝනා වයිරස ප්‍රභේද ආසාදනයවී සිටියදි සොයා ගැනුණු පිරිසට විදේශයන් හි මෙරටට පැමිණි විදේශිකයෝ කීහිප දෙනෙක් ද ඇතුළත් වූහ.

