කොරෝනා අනුරාධපුර බන්ධනාගාරයටත් රිංගයි


(දයාරත්න ඇඹෝගම)


අනුරාධපුර බන්ධනාගාරයෙන් අද (24)දින කොරෝනා රෝගියෙකු වාර්තාවු බව අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිමල් ආරියරත්න මහතා පැවසිය.

මෙම පුද්ගලයා මහ ඉලුප්පලම පදිංචි 46 හැවිරිදි රැදවියෙකි.බන්ධනාගාරයේ තවත් රැදවියන් තිදෙනෙකුද පිසිආර් පරික්ෂණයකට ලක්කර ඇතත් ඔවුන්ගේ පිසිආර් පරික්ෂණ ප්‍රතිඵල වාර්තාවන් මෙතෙක් ලැබි නොමැත.


මේ අතර බුල්නෑව පුද්ගලික ඇගලුම් කම්හලක කළමණාකරැවන් දෙදෙනෙකුටද කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් එම ඇගලුම් හලද තාවකාලිකව වසා දමා තිබේ.

 

මේවන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 181 දෙනෙකු වාර්තාවි ඇති බවද වෛද්‍ය නිමල් ආරියරත්න මහතා මෙහිදි පැවසිය.