(විනීතා එම් ගමගේ)
කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයේ ප‍්‍රතිඵල අද (22) නිකුත් විය.
ඉකුත් මැයි 28 සිට ඔක්තෝබර් 08 වැනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මෙම විභාගයට ශ්‍රී ලාංකිකයන් 3319 දෙනෙක් පෙනී සිටි අතර එයින් 2411 ක් සමත් වී තිබේ.
එම ප‍්‍රතිඵල www.slbfe.lk යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි බව එම කාර්යංශය කියයි.
කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණේ මෙම විභාගයේ ප‍්‍රතිඵල මේ මස 29 වැනිදා ලබා දෙන බවත් නමුත් එම ආයතනය විසින් අදාළ දිනට පෙර ප‍්‍රතිඵල ලබාදීමට කටයුතු කර ඇතැයි කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර පවතින ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව මෙම විභාගය පවත්වා සුදුස්සන් තෝරා නිෂ්පාදන, ඉදිකිරීම් හා ධිවර යන කේෂ්ත‍්‍ර සඳහා කොරියාවේ රැකියා වලට යවනු ලබයි.

