සාගර පතුලේ ඇති කොරල්පරවල ජීවී තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා භාවිත කළ හැකි මෘදුකාංගයක් ලෝක වනසත්ත්ව අරමුදල විසින් හඳුන්වා දී ඇත.
මෙය අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන මෘදුකාංගයක් වන අතර සමුද්‍රීය පරිසර විද්‍යාත්මක පර්යේෂණ සහ අධීක්ෂණ ආධාරකය හෙවත් මර්මේඩ් ලෙස එය නම් කර ඇත.
අධිවේගීව දත්ත රැස් කරගත හැකිවන අයුරින් නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය භාවිතයෙන් 2019 වර්ෂයේදී කොරල්පල පිළිබඳ තොරතුරු වේගවත්ව හා වඩා නිරවුල් අයුරින් ලබා ගැනීමට හැකිවේ.
ගෝලීය උණුසුම ඉහළ යාම සහ දේශගුණ වෙනස් වීම් සහ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා ලෝකය පුරා පිහිටා ඇති කොරල්පර විනාශවිමේ අවදානමට ලක්වී ඇති බැවින් එය වැළැක්වීමට නව තාක්ෂණය උපයෝගී කරගැනීමේ අරමුණින් මෙම මෘදුකාංගය හඳුන්වා දී ඇත.
මෙම මෘදුකාංග භාවිතයෙන් කොරල්පර ආරක්ෂා කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කර ඇත.

(63226)