(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු තීරණ කිහිපයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (23) රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයෝ තිදෙනාද පසුගිය සතියේදී පත් කරනු ලැබූහ.
ආචාර්ය ප්‍රතාප් රාමනුජන්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න එම තිදෙනාය.
එම නියෝජිතයන් තිදෙනා පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය පසුගිය 18 වැනිදා ලැබිණ.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා ප්‍රධාන විපක්ෂය නොවන විපක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයා තවමත් පත්කර නොමැති අතර අද සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පත් කරනු ලැබුවේ පසුගියදා සම්මත කෙරුණු විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුවය.

