(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් ලබන මස 3 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය .
මෙම වැඩමුළුවට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය .
විවිධ පාර්ශව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන හෙයින් ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට යම් අවබෝධයක් ලබා දීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කරන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති .
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වත්හු කිහිප දෙනෙක් මෙම වැඩමුළුව මෙහෙයවති .

