
(රේඛා තරංගනී ෆොන්සේකා)
කොතලාවල පනත වහාම ඉවත් කරන ලෙසත් එන්නත් ලබාදී විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසත් ඉල්ලා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ සාමාජික සාමාජිකවෝ එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද විරෝධතාවයක නිරතවූහ.
කොතලාවල පනත පිළිබඳව විරෝධතාව ඇත්තේ හමුදාවන් මගින් වෙනත් පුද්ගලයන්ට අධ්‍යාපනය ලබා දීම සහ පවතින විශ්ව විද්‍යාලවලට සමාන්තරව රට පුරා හමුදා විශ්වවිද්‍යාල ඇති කිරීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය සමන් යාපා මහතා එහිදී පැවැසීය.
කොතලාවල විශ්ව විද්‍යාලයෙන් හමුදා සඳහා තියෙනවාටත් වඩා අධ්‍යාපනය ලබාදෙනවාට විරුද්ධත්වයක් නැති බව ද පවසයි.
එමෙන්ම දිගින් දිගටම විශ්වවිද්‍යාල වසා දමා ඇති බව සඳහන් කළ ඒ මහතා පාසල් ළමුන්ට ලබා දෙන ප්‍රමුඛතාවය විශ්වවිද්‍යාල සඳහා ලබාදී නැති බව ද පැවසීය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)







