
(අංජුල මහික වීරරත්න)
කොළඹ කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙි.
ඒ සදහා විකල්ප යෝජනා ලබාගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇත.
කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබුණි.
රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ - මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සේවය කරන බැවින් ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

