කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක්


(ඩයනා උදයංගනී) 

 දීර්ඝ සති අන්‍තයේ දුම්‍ රියෙන් ගම් බිම් කරායාමට මගීන් විශාල පිරිසක් පැමිණීමෙන් දැඩි තදබදයක් ඇතිවී අද උදෑසන කොටුව දුම්‍ රිය ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.  

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා උදෑසන 8.30ට ධාවනය වූ උඩරට මැණිකේ දුම් රිය කොටුව දුම් රිය ස්ථානයේදීම මගී ධාරිතාව ඉක්මවා ගිය අතර බොහෝ පිරිසකට එයට ගොඩවීමටද නොහැකි විය. 

එම පිරිස් දුම් රිය ස්ථානාධිපති කාර්‍යාලය අසලට ගොස් යළි ප්‍රවේශපත් ගාස්තු ඉල්ලීම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්වය මතුවිය. 

එම දුම්‍ රියවල ඉඩකඩ නොමැතිනම් තමන්ට ප්‍රවේශපත් නිකුත් කළේ ඇයිදැයි මගීහු දුම් රිය ස්ථානාධිපති කාර්‍යාලය අසලට ගොස් ප්‍රශ්න කළහ. 

එමෙන්ම මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්‍ රියටද බොහෝ දෙනෙකුට ගොඩවීමට නොහැකි විය.