
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලට මේ වනවිට ජල ප්‍රහාරකක රථ කැඳවා තිබේ.
කැරලි මර්දන ඒකකයේ භටයෝද එස්.ටී.එෆ් සහ පොලිස් භටයෝ අධිකරණය අසලට කැඳවා සිටිති. ඊට ඔබ්බෙන් දමා ඇති මාර්ග බාධකය අසල ජනතාව විරෝධතා සටන් පාඨ කියමින් සිටී.
ඡායාරූප ලහිරු හර්ෂණ.

