
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කොට්ටුකච්චිය මැල්ලන්කුලම ප්‍රදේශයෙ පාළු නිවසක අභිරහස් ලෙස මරණයට පත්ව සිටි තරුණයකුගේ සිරුරක් අද (4) දින සවස සොයා ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අභිරහස් ලෙස මරණයට පත්ව ඇත්තේ කොට්ටුකච්චිය කච්චමඩුව ප්‍රාදේශයෙ පදිංචි ඩි.එම්.නිමන්ත නැමති 33 හැවිරිදි අවිවාහක තරුණයෙකී.
අදාල තරුණයා ට්‍රැක්ටර් හා ගොයම් කැපිමේ භුතයා යන්ත්‍ර ඇතුළු දෑ වල රැකියා වල නිරත වී ඇති බව ද කියයි.
අවසන් වරට පසුගිය 2 දින සවස භුතයා යන්ත්‍රයක වැඩ කර ඉන් පසුව වැඩ නිමවිමේන් පසුව යන්ත්‍ර ක්‍රියාකරුගෙන් රුපියල් 6000 ක මුදලක් ලබා ගෙන නැවත පැමිණේන බව පවසමින් ගොස් ඇති බවද පොලිස් පරික්ෂණවලදි හෙළිවි තිබුනී.
තරුණයා අභිරහස් ලෙස මරණයට පත්ව සිටි නිවස වසර ගනනාවක සිට කිසිදු අයකු භාවිත කර නොමැති උවත් විවිධ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවන් මෙම ස්ථානය භාවිතා කර ඇති බවට සනාථ වි ඇති බව පොලිස් නිළධාරීන් පවසයි.
අදාල ස්ථානයෙ ස්ථානීය අපරාධ පරික්ෂණ නිළධාරීන් විසින් පරික්ෂණ පැවැත්විම සිදුවිනි.
මෙම ස්ථානයට පැමිනි පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් සම්සු රාෆි මහතා මෙම ස්ථානයට පැමින මහෙස්ත්‍රාත් පරික්ෂණ පැවැත්විමේන් පසු අදාල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ සදහා පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කෙරුණි.
පුත්තලම මුලස්ථාන නිළධාරීන් අදාල මරණය සම්බන්ධව පරික්ෂණ ආරම්භ කර තිබුනී.


