
(යොහාන් භාසුර)
බැංකු නිවාඩුවක් ලෙස නිවේදනය කර ඇති ලබන 30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොල වසා තබන බව රජය පවසයි.
මෙම මස 30 වැනිදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කරමින් රජය දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා කාලය ලබාගෙන ඇති අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ සඳහා පහසුවීමට කොටස් වෙළෙඳපොළ ගණුදෙනු වැලැක්වීම එම බැංකු නිවාඩුවේ ප්‍රධාන අරමුණක් බවයි.

