(එස් .ඩි. කොඩිකාර )
කොවිඩ් ආසාදිතයන් 08 දෙනකු හදුනා ගැනීමත් සමඟ කොටපොළ ප්‍රාදේශීය සභාව මගින් දෙනියාය , පල්ලෙගම ,වරල්ල සති පොළවල් තුනක් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා පැවසීය .
මීට පෙර දෙනියාය සති පොළ සෑම ඉරිදා දිනකම ද පල්ලෙගම සති පොළ සෑම සෙනසුරාදා දිනකම ද වරල්ල සති පොළ සෑම සිකුරාදා දිනකම පැවැත් වූ අතර සෞඛ්‍යය අංශයට සහය දීමක් වශයෙන් සතිපොළවල් තුළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව දෙනියාය වෙළඳ හා වාණිජ සංගමය මඟින් අද (21) සිට සිට ( 23) දින දක්වා සෞඛ්‍යය අංශයට සහය දීමක් වශයෙන් අත්‍යඅවශ්‍ය සේවා හැර අනෙකුත් වෙළඳ සැල වසා දැමීමට තීරණය කර ඇත .
ඉකුත් (17) වන දින දෙනියාය සති පොළේ සිදු කළ පී.සී.ආර් . පරීක්ෂණ 60 න් කොව්ඩ් ආසාදිතයන් 08 කු හමු වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබුණි.
ඊට අමතරව පෙරපාසල් සහ පාසල් වල ළමුන්ගේ ද පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ද දෙමාපියන් පවසයි .