කොටගල දුරකතන අලෙවිසැලකට හොරු පැනලා


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)


කොටගල නගරයේ, ප්‍රධාන වීදියේ පිහිටි දුරකතන  ඇමතුම් පහසුකම් සපයන හා ජංගම දුරකතන අමතර කොටස් අලෙවි කරන වෙළඳසලක් අද (01) කඩා  එහි තිබූ මුදල් හා ජංගම දුරකථන කාඩ් තොගයක් සොරාගෙන ඇති බව දිඹුල-පතන පොලීසිය පවසයි.

සොරාගෙන ඇති මුදල් හා ජංගම දුරකතන කාඩ්පත් වල වටිනාකම රුපියල් එක් ලක්ෂ දහදාහක් පමණ වන බව එම වෙළඳසල් හිමිකරු විසින් පොලීසියට පැමිණිළි කර ඇත.

මෙම වෙළඳසල  සොරුන් විසින් කඩන අයුරු අසළ සවිකර තිබූ සී.සී.ටි.වී. කැමරා පද්ධතියක සටහන් වි ඇති බවත්, ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා   පුළුල්  පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් දිඹුල -පතන පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.