
(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)
කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායනයට යොමු කර සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින් 300 ක ගෙන් 34 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පැවසීය.
කාන්තාවන් 29 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු ද මෙම පිරිසට අයත් වෙති.
මෙම සේවකයින් සදහා කරන ලද පි සී ආර් පරික්ෂණවලදී මොවුන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත.
මෙම ආසාදිතයින් කොළඹ අයි ඩි එච්, මුල්ලේරියාව, කඹුරුගමුව සහ මාළඹේ නෙවිල් ප්‍රනාන්දු යන රෝහල් වෙත පිටත් කළ බවද වෛද්‍ය සිරිවර්ධන මහතා පැවසිය.

