(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 1 1/2 ට අධික වටිනා කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙක් මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ නිවසකින් අද (1) අලුයම විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එම නිවසේ තිබී කේරළ ගංජා කිලෝ 130ට තොගයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි .
සැකකරු දෙමටගොඩ වේළුවන පාර පදිංචි පුද්ගලයෙකි .
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය, සහ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වැල්ලම්පිටිය පොලිසියට බාර දී ඇත .




