කෙහෙළියගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට


(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සෞඛ්‍ය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙස් සේවිකාවක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබුවාය.

ඒ එම සේවිකාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව හමුවේ අද (11) පෙනී සිටි අවස්ථාවේදීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍ර දේශයේ පදිංචි කාන්තාවකි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරති.