
(රෝෂන් තුෂාර)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට විදෙස් ගමන් බලපත්‍රයක් සෑදීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සැකකාර ආගමනය විගමන පාලකවරයාට සහ ඡායාරූප ශිල්පීන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(06)නියෝග කළාය.
රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් එක් සැකකරුවෙකුට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.
ඡායාරූප ශිල්පී සැකකරුවන් දෙදෙනාට ලබන 13 වැනි දින රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කළාය.

