කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැක සිරුරක් කටුනායකට


(ඉන්දිකා රාමනායක)

ඩුබායිහිදී හදිසියේ මියගිය බව කියන සංවිධානත්මක අපරාධකරුවකු වූ කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැකකරන පුද්ගලයකුගේ සිරුර කටුනායකට එවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඩුබායි සිටි අද(18)  පෙරවරු 10.47ට පැමිණි ගුවන් යානයකින් එම මළ සිරුර රැගෙනවිත් තිබිණි.

දිනුකගේ මව කියන කාන්තාවක් ද ගුවන්තොටුපෙළට පැමිිණි බව පොලිස් ආරංචි කියයි

මෙම සිරුර කසුන් මධුරංග රාජපක්ෂ නමින් එවා ඇති අතර එම නමින් සිටින පුද්ගලයා කෙසෙල්වත්තේ දිනුක ද යන් දැන ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.