කෙසෙල්වත්තේ ඝාතනයක්


 

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

කොළඹ කෙසෙල්වත්ත මාටිස් පටුමගේ නිවසකට ඊයේ (11) රාත්‍රී කඩා වැදුණු සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක්  නිවෙස් හිමියාට තියුණු ආයුධවලින් පහරදී  නිවස තුළම  ඝාතනය කර පළා ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කියයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොහොමඩ් පාරුක් එමානුවෙල් හසන් නැමති 48 හැවිරිදි  පස් දරු පියෙකි.

පලා ගිය ඝාතකයින් පැමිණි බව කියන ත්‍රීරෝද රථයක් සහ ලේ තැවරුණු කඩුවක් සොන්ඩස් පාරේ නිවසක තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ  ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත

ඝාතනය සිදුකළ සැකකරුවන් කවුදැයි හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි

අපරාධය සිදු වූ ස්ථානය වෙත පැමිණි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර   සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළේය

කෙසෙල් වත්ත පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බි ටි . රම්‍යසිරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්න කුමාර නඩු මෙහෙයුම්  අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එම් කරුණාරත්න  පොලිස් කොස්තාපල්වරුන් වන 91124  පල්ලෙ ගුරු 90090 මදුශාන් ,100925 ප්‍රීතිමාල් මහත්වරු පරීක්ෂණ පවත්වයි